උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට ආපු හැටි

2018-06-12


උතුරු කොරියානු නායක කිම් කිම් ජෝන් අන් සිංගප්පුරුවට ආවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මුණ ගැහෙන්න කියන එක කවුරුත් දන්නවා. හැබැයි කිම් ජෝන් අන් සිංගප්පුරුවට ආපු අපූරු ක්‍රමය ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ. උතුරු කොරියානු නායකයාගේ පැමිණීමට කලින් ගුවන් යානා දෙකක් පිටත් කර යවා ඇති අතර ඒ එක යානයකවත් කිම් ජෝන් අන් ඉඳලා නෑ.  උතුරු කොරියානු නායකයා මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ තමන්ව ඝාතනය කරන්න ඉඩ ඇති අවස්ථා අවම කරගන්නලු. 

ඒ වගේම මෙහිදී අවධානය දිනාගත්ත අනෙක් කාරණය වුනේ කිම් ජෝන් අන් ගේ ආරක්ෂක කණ්ඩායමයි. මොවුන් එකම ආකාරයක ඇඳුම් වලින් සැරසී සිට තිබෙනවා. මෙම ආරක්ෂකයින්ව හඳුන්වන්නේ දුවන ආරක්ෂකයින් ලෙසයි. මෙම කණ්ඩායම කිම් ජෝන් අන්ගේ බෙන්ස් කාර් රථයට ඉදිරිපසින් සහ පසුපසින් දිවයාම නිසා තමයි මෙහෙම හඳුන්වා දෙන්නේ. 

කොහොම වුනත් උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් පැමිණීමෙන් පැය කිහිපයකට පස්සේ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණ තිබෙන්නේ.