වායු සමීකරණයෙන් ආ සර්ප පැටව්

2020-06-25


   ඉන්දියාවේ මීරූට් දිස්ත්‍රික්කයේ බිසාර් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට අරුම පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඔහු මුහුණ දීපු මේ සිදුවීම නිසා මුළු ගමම කලබලයට පත්වෙලා. මේ පුද්ගලයාගේ නම ශ්‍රද්ධා නන්ද්. ඔහු ඔහුගේ කාමරයට යනකොට දැකලා තියෙනවා ඔහුගේ කාමරේ බිම පුංචි සර්ප පැටියෙක් ඉන්නවා.  ඒ සර්ප පැටියව අල්ලාගෙන එලියට ගෙනිහින් දාපු මේ පුද්ගලයා ටික වෙලාවකින් නින්දට යන්න සුදානම් වෙලා තියෙනවා. එතැනදී තවත් සර්ප පැටව් තුන් දෙනෙක් ඔහුගේ ඇඳ උඩ ඉන්නවා ඔහු දැකලා තියෙනවා. මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වටපිට බලද්දී ඔහුගේ කාමරයේ වායු සමීකරණයෙන් පිටතට එන තවත් සර්ප පැටියෙක්ව ඔහු දැකලා. පස්සේ පවුලේ අය එකතු වෙලා වායු සමිකරණයේ ඉදිරි ආවරණය ඉවත් කරද්දී තමයි එහි පිරිලා හිටපු සර්ප පැටවුන්ව දැකලා තියෙන්නේ.  ගමේ පිරිස් එකතු වෙලා මේ සර්ප පටවුන්ව අල්ලලා බෑගයක දාගෙන ගිහින් කැලාවකට දාලා තියෙනවා. වායු සමීකරණය ක්‍රියා විරහිතව තියෙන අවස්තාවක මේ සර්ප පැටවුන්ගේ මව බිත්තර දාලා ගිහින් ඉන්පස්සේ බිත්තර වලින් එලියට ආපු පැටවුන් එහි විවරයෙන් කාමරයට ඇතුළු වෙන්නට ඇති බව එම ප්‍රදේශයේ පශු වෛද්‍ය වරයෙකුගේ අදහස වී තිබෙනවා. එම අවස්ථාවේ එහි සර්ප පැටවුන් 40 ක් පමණ සිට ඇති බවයි කියවෙන්නේ.