වල් ඌරන් නිසා මරණයට පත් වූ ගෘහ පාලිකාවක්

2019-12-02


   ටෙක්සාස් හි ගෘහ පාලිකාවක් ලෙස සේවය කල 59 හැවිරිදි කාන්තාවක් වල් ඌරු රංචුවකගේ ප්‍රහාරයට ලක්ව මියගොස් තිබෙනවා. තම නිවසේ ගෘහ පාලිකාව ප්‍රමාද හෙයින් 84 හැවිරිදි නිවාස හිමිකරු නිවසෙන් එලියට පැමිණ ඒ ගැන විමසා බලන අවස්තාවෙදි ඔහු දැක තිබෙනවා ඇයගේ රථයත් ඔහුගේ නිවසත් අතර තම ගෘහ පාලිකාවගේ සිරුර වැටී තිබෙනවා. ඔහු එම පළාතේ පොලිස් ප්‍රධානියාට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෙම මරණය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. සිද්දිය වූ ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමට දැක ගත හැකිව තිබුනේ තුවාල රැසක් සහිතව බිම වැටී තිබුන ක්‍රිස්ටීන් රෝලින්ස්ගේ සිරුරයි. ඔවුන් සිරුර දුටු වහාම මෙය සත්ව ප්‍රහාරයක් නිසා සිදුවූ මරණයක් බව තේරුම් ගත් බව එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පවසා තිබුනා. ඔහු තව දුරටත් මෙම සිදුවීම ගැන විස්තර කරමින් කියා තිබුනේ තම වසර 36 සේවා කාලය තුල දුටුව අවාසනාවන්තම මරණය මෙය බවයි.  වල් ඌරන් කියන්නේ ඇමරිකාවට ආවේනික සත්ව කොට්ටාසයක් නෙමෙයි.  මේ සත්වයින්ව ඇමරිකාවට ගෙනත් තියෙන්නේ අවුරුදු 300 කට ඉහත කාලයකදී . ස්පාඤ්ඤ ජාතිකයින් විසින් මස් පිණිස ඇති කරන ලද මේ සත්වයින් පසු කාලයකදී කැලයට නිදහස් කරලා දාලා තියෙනවා. නමුත් මේ සත්වයින්ගේ බෝවීම වැඩි වෙලා තියෙන්නේ 1930 න් පස්සේ.  ඒ කාලේදී යුරෝපයෙන් ගෙන්නන ලද ඌරන් විශේෂයක් විනෝදයට දඩයම් කිරීම සඳහා වනාන්තරය මුදාහැර තිබෙනවා. දඩයම් කර ගැනීමට  නොහැකි වූ සතුන් වනගත වීමෙන් පස්සේ අර මුල් සතුන් හා එක්වීමෙන් මෙම සත්ව ගහණය වැඩිවීම දැන් ටෙක්සාස් ප්‍රාන්තයේ ලොකු ගැටළුවක් බවට පත්ව තිබෙනවා.