වසර 14 000 ක් එහා අතීතයකට උරුමකම් කියන පාන් පිළිස්සීම.

2018-08-16


පාන් පිළිස්සීම වසර දාහතර දහසක් දක්වා ඈත අතීතයකට දිවයන බව පුරාවිද්‍යා කැණීමකදී අනාවරණය වෙලා තියෙනවා. මෙතෙක් පාන් නිෂ්පාදනය ගැන පරණම සාක්ෂි ලැබී තිබුනේ තුර්කියේ කැණීමකින්. ඒ අනුව මීට පෙරදී අනාවරණය කරගෙන තිබුනේ පාන් පිළිස්සීම මීට වසර නවදාහකට උඩදී ආරම්භ වුන බවටයි. ඒත් නවතම අනාවරණයත් සමඟ පාන් නිෂ්පාදනය  තවත් අතීතයට ගමන් කරන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

සොයාගෙන තියෙන කරුණු වලට අනුව විද්‍යාඥයින් කියන්නේ අතීතයේ මිනිස්සු මස් වර්ග කිසිම ආවරණයක් නැතුව පුළුස්සා ඇති අතර කාලයත් එක්කම ධාන්‍ය වර්ග එකතු කරපු තලපයක් වැනි දෙයකින් එම මස් වර්ග ආවරණය කර පිළිස්සීම ආරම්භ කර ඇති බවයි. එම ක්‍රමය අනුව සොයාගත් මෙම පාන් විශේෂය පුළුස්සා ඇති බව තමයි වැඩි දුරටත් කියවෙන්නේ. එම තලපය නියම ප්‍රමිතියට මිශ්‍ර කර තිබීම හේතුවෙන් වසර දහහතර දහසකටත් පසුවද ඉතාමත් යහපත් තත්වයෙන් පවතින්න හේතු වී ඇති බවයි .

කොහොම වුනත් පාන් නිෂ්පාදනයේ ඉතිහාසය මීටත් වඩා ඈත ඉතිහාසයකට උරුමකම්  කියනු ඇති බවටද පාන් පිළිස්සීම අතීතයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශයන්හි දී ආරම්භ වී ඇති බවටද විද්‍යාඥයින් සැක පල කරනවා.