2023 ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමට නම්

2019-08-15


   2023 ලෝක  කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ලීග් තරග 126 පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලිය පවසනවා.තරගාවලි 21ක්  යටතේ රටවල් හතක්  එයට  තරග වැදීමට නියමිතයි.

   මාස 30ක කාලයක් පුරා පැවැත්වෙන  තරගාවලිය තුල එක කණ්ඩායමක්  තරග 36ක්  ක්‍රීඩා කල යුතු වෙනවා. .එය මේ වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජනවාරි මාසය දක්වා පැවැත්වෙන අතර සියලු තරග අවසානයේ ලකුණු සටහනේ ඉහලින්ම සිටින කණ්ඩායම් තුන 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා.ඒ අනුව නැබිමියාව ,නේපාලය ,ඕමානය ,ස්කොට්ලන්තය ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය ,ඇමරිකාව ,පැපුවා නිව්ගීනියාව තරග බිමට පිවිසෙන් කණ්ඩායම් වනවා.