ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න ඔයත් කැමතිද?

2018-10-04


   ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න අපිට මුලින්ම වැදගත් වෙන්නේ බාහිර පෙනුම කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම හිතන අය තමයි ගොඩක් වෙලාවට විලාසිතා ගැන ගොඩක් උනන්දු වෙන්නේ. ආකර්ෂණය ඇති කරගන්න පෙනුම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ තමයි. හැබැයි ඊටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා. මොකද ඔයා මහත්තයෙක් විදියට ඇන්දට වැඩක් නෑ මහත්තයෙක් විදියට හැසිරෙන්න දන්නේ නැත්තන්.

   ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න නම් ඔයා මුලින්ම පිරුණ පුද්ගලයෙක් වෙන්න ඕනේ. මොකද හිස් පුද්ගලයෙක් කතා කරන්නේ හිස් වචන, එයාගේ හැසිරීමත් හිස්. එහෙම පුද්ගලයෙක්ට කවුරුවත් ආකර්ෂණය වෙන්නේ නෑ. දැනුමක් නැති පුද්ගලයෙක් දෙයක් ගැන කතා කරනවට වඩා ආකර්ශනීය විදියට ඒ ගැන දන්නා පුද්ගලයෙක්ට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආකර්ෂණිය පුද්ගලයෙක් වෙන්න නම් ඔයා හැමදෙයක් ගැනම අධ්‍යයනය කරන්න. පොත පත කියවන්න. අන්තර්ජාලය හරහා හොයන්න බලන්න. දන්න කෙනෙක්ගෙන් අහන්න. හැම දවසකම පුංචි හරි දෙයක් ඉගෙන ගන්න. එතකොට ඔයාට ආකර්ශනීය කාන්තාවක්, ආකර්ෂණිය පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

   ඇත්ත ආකර්ෂණිය නෑ. හැබැයි බොරුව හැම වෙලේම ආකර්ශනීයයි. හැබැයි ආකර්ෂණය දිනාගන්න හිතාගෙන බොරු කියන , බොරු කරන පුද්ගලයෝ කවදාවත් අනෙක් අයගේ හිත් දිනාගන්නේ නෑ. එයා පැළඳගෙන හිටිය වෙස්මූණු ගැලවුන දවසට මිනිස්සු ඇයව / ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ආකර්ශනීය පුද්ගලයෙක් හැම වෙලේම අවංකයි. හැම වෙලේම කතා කරන්නේ ඇත්ත.එක තැනක එක දෙයක් කියලා තවත් තැනක තවත් දෙයක් කියන පුරුද්ද ආකර්ශනීය පුද්ගලයන් තුල නැහැ.

   අපේ ජිවිත එන්න එන්නම සංකීර්ණ වෙනවා කියලා ඔයාට හිතිලා නැද්ද? ඉස්සර අපේ රටේ තිබුණ සරල ජීවන පැවැත්ම අද තිබුණන් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපි මොනතරම් තරඟෙට දුවන්න හැදුවත් අපි හරිම ආසයි සරලව ජිවත් වෙන්න. පරදින්න තියෙන බයට අපි අපේ ජිවිත අපිට දරාගන්න බැරි තරමට සංකීර්ණ කරගෙනයි ඉන්නේ. අපේ හිත හොයන්නේ සරලකම ඒ නිසා අපි ආස සරල මිනිස්සුන්ව ආශ්‍රය කරන්න. සරල මිනිස්සු එක්ක හැමෝටම පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන්. මොකද සරල මිනිස්සු පොළොවේ පය ගහලා ඉන්න දන්නවා.එයාලට මවා ගත්ත ජිවිත නැහැ.

   ඉතින් ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න හිතන කෙනෙක් තමන්ගේ රූපය අඳින පළඳින විදිහ ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන්ගේ දැනුම ගැන, තමන්ගේ ගතිගුණ ගැන වගේම , ජිවිතේ යතාර්ථය ගැන දැනුමක් ඇතිව ජිවත් වෙන්න ඕනේ.