ඇයි අපි අපේ හිතේ පවතින තරහ අමතක කල යුත්තේ?

2018-06-08


එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව හිතේ රඳවාගෙන ඉන්න එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඇයි තරහ අපේ හිතෙන් අපි අයින් කල යුත්තේ.? ඒ ගැනයි අද ඔයාට මම ලියන්නේ.

අපේ නිදහස අපිට අහිමි වෙනවා

අපි නිදහසේ ඉන්න විට අපේ හිතට ආදරණිය පුද්ගලයන් ගැන මතකය සමීප වෙනවා. ඒත් අපි තරහෙන් ඉන්න විට අපිට මතක් වෙන්නේ අපිත් සමඟ අමනාප වුන පුද්ගලයින්වයි. ඉතින් එතකොට අපි නිදහසේ ගත කරන කාලය සතුටින් ගත කරන්න අපිට බැරි වෙනවා. ඉතින් ඒ නිසා තරහ අමතක කරන එක අපිට හොඳයි.

නින්ද අහිමි වෙනවා

සාමාන්‍ය විදියට දවස ගෙවන්න නම් අපිට හොඳ නින්දක් අවශ්‍යයි. ඒත් අපි තරහින් ඉන්න විට අපිට අපේ නින්ද අහිමි වෙනවා. නින්දට යනවිට අපිට මතක් වෙන්නේ අපේ තරහකාරයාගේ මුණ. හිතට තරහ ඇතිවුන සිදුවීම්. ඉතින් කොහොමද සැනසීමෙන් නිදා ගන්නේ?

හිතවතුන් අමනාප වෙනවා.

ඔයා ඔයාගේ සිතුවිලි පාලනය කර ගත්තේ නැත්තම් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු නිසි විදියට කරගන්න වෙන්නේ නෑ. ඔයා ඔයාගේ රැකියා ස්ථානයේ වැඩ කටයුතු කලේ නැත්තම් ඔයාගේ ප්‍රධානියා ඔයත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එක පුද්ගලයෙක් එක්ක තියෙන තරහ වෙනත් කෙනෙක් හරහා පිට කරන්න ගිහින් පවුලේ සාමාජිකයන් අතර සැමියා බිරිඳ අතර වුනත් අම්නාපකන් ඇතිවෙලා ඔයා තනිවෙන්න ඉඩ තියෙනවා.

ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා

දිගුකාලීනව හිතේ තරහ තියාගෙන ඉන්න එකෙන් ඔයා ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. ඔයාට කන්න බොන්න හිතෙන්නේ නෑ. මානසික පීඩනය වැඩිවෙනවා. දියවැඩියාව කොලොස්ටරෝල් වැනි රෝග තත්ත්ව ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ තරහෙන් ඉන්න කොට ඔයාගේ ශරීරයේ හෝර්මෝන මට්ටම අසමතුලිත වෙන්නත් පුළුවන්.