අකිලට ආයෙත් අපලයක්

2019-08-23


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම සැක  සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.ඒ සංචාරක නවසීලන්තය සමගින් ගාල්ලේ දී නිමාවූ තරගයෙන් පසු විනිසුරුවන් විසින් තරග තීරකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අකිල ධනංජයගේ පන්දු යැවීම සැක  සහිත බවට මීට පෙරද චෝදනා එල්ල වුණා.ඔහු නැවත පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගනිමින් සහභාගී වූ මෙම තරගයේදී නවසීලන්ත මුල් ඉනිමේ කඩුළු 05ක් හා දෙවන  ඉනිමේදී එක කඩුල්ලක් දවාගනිමින් කදුළු 06ක් තරගය  තුලදී දවා  ගැනීමට සමත් වුනා. එමෙන්ම නවසිලන්ත කණ්ඩායමේ නායක කෙන් විලියම්සන්ටද මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.