අලුතෙන් ගන්න ඇඳුම් සෝදලා අඳින්න ඕනේ ඇයි?

2018-06-11


අලුතෙන් ගන්න ඇඳුම් පිරිසිදුයි කියලා පෙනුනට පිරිසිදු නෑ. මේ ඇඳුම් මහන්නේ අති විශාල කර්මාන්තශාලා වල, එක ඇඳුමක් මහන්න කීප දෙනෙක් එකතුවෙනවා. ඒ වගේම මේවා තැන් තැන් වලට ප්‍රවාහනය කරනවා. අනිත් දේ තමයි අපි ගන්න ඇඳුම කීපදෙනෙක් ඇඳලා බලලා තියෙන්න පුළුවන්.

අනිත් කාරණය තමයි ඇඳුමක් වර්ණ ගන්වන්න විවිධ වර්ණක යොදනවා. ඒ වගේම විවිධ ගම් වර්ග යොදා ගන්නවා. මේවා සැමට ආසාධිත වෙන්න පුළුවන්. යට ඇඳුම් සහ පිහිනුම් ඇඳුම් කියන්නේ විෂබීජ හා බැක්ටීරියා පැතිරෙන්න පුළුවන් හොඳම මාර්ගයක්. කිහිපදෙනෙකුම ඇඳපු ඒවා අඳින්න ඔයා කොහොමටවත් කැමති නැහනේ. මේකෙන් ලිංගාශ්‍රිතව ඇති විවිධ දිලීර බැක්ටීරියා ආදිය පහසුවෙන්ම එකිනෙකාට ගමන් කරන්න පුළුවන්. 

තව දෙයක් අලුතින් ගන්න ඇඳුම් වල තියෙන බැක්ටීරියා විෂබීජ ඉවත් කරන්න සබන් හරි සබන් කුඩු හරි පාවිච්චි කරලා මදි. ඒකට ඇඳුම් සෝදන්න කලින් මද රස්නේ උණු වතුරේ ටික වෙලාවක් දාලා තියන්න. හැබැයි සමහර ඇඳුම් උණු වතුරට ඔරොත්තු දෙන්නේ නෑ ඒ නිසා ඇඳුමේ පිටුපස තියෙන ටැග් එක කියවලා බලන්න.

ඒ වගේම ඇඳුමක් වේලෙන්න දාද්දි හැම විටම කන පිට හරවලා දාන්න එකෙන් ඇඳුමේ පාට අව්වට පිච්චෙන එක නවත්තගන්න අපිට පුළුවන්