බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මීලග ප්‍රධාන පුහුණුකරුවා කවුරු විය හැකිද?

2019-08-09


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මීලග ප්‍රධාන පුහුණුකරුවා වශයෙන්  දකුණු අප්‍රිකාවේ රසල් ඩොමින්ගෝ  පිළිබද වැඩි අවධානයක් යොමු වී  තිබෙනවා.එරට ක්‍රිකට් ආයතනය මිට පෙර පුහුණු කරුවන් තිදෙනෙකු පිළිබද සැලකිල්ලක් දක්වා තිබුනා .කෙසේ නමුත් රසල් ඩොමින්ගෝ හා සම්මුඛ පරික්ෂණයක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්  කටයුතු කර තිබෙනවා .එය පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව ද සදහන්.පුහුණුකරුවා හා පැවති සම්මුඛ පරික්ෂණය පිළිබද තමන් සෑහීමකට පත් වන බවයි   බංග්ලාදේශ  මාධ්‍ය කමිටු ප්‍රධානියා සදහන් කර තිබෙන්නේ.