ඉක්කාව නැති කරගන්න පුංචි ක්‍රම ටිකක්.

2018-08-06


ඔෆිස් මිටින් එකක ඉද්දි එහෙම නැත්තන් class එකක ඉද්දි ඉක්කාවක් ආවම කොහොමද ඇතිවෙන ලැජ්ජාව, පහුගිය දවස්වල hichky කියලා රාණි මුඛර්ජි රඟපාන ලස්සන ෆිල්ම් එකකුත් ආවනේ. ඒ ෆිල්ම් එකේ නම් තිබුනේ සාමාන්‍ය ඉක්කාවක් ගැන නෙමෙයි, ඒ හින්දා ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඉතින්අ පිට එකපාරටම එන ඉක්කාවක් කොහොමද අපි හොඳ කරගන්නේ. ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා තියලා මං ආවා කිය කියා හිටියත් සමහර ඉක්කාවල් අපිව දාලා යන්නෙම නෑ එහෙම ඉක්කාවක් නවත්තගන්න කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් තමයි මේ.

කම්පන චිකිත්සාව

ඉක්කාව හැදිච්ච පුද්ගලයාව එක් වරම බලාපොරොත්තු නොවූ ලෙස කමපනයට ලක් වෙන දෙයක් කරන එක තමයි මේකේ තේරුම. මෙතනදී මේ වැඩේ කරන්න ඕනේ ඔහුට නොතේරෙන ලෙස. කියන්න ඔහුට හොද බොරුවක්. නැත්තම් එක පාරටම බය කරන්න. ලොකු කම්පනයක් තුලින් මොලයට අමතක වෙනවා ඉක්කාව කියන අවස්ථාව ගැන. එක නිසා එක නිරායාසයෙන්ම ඒ පුදගලයාට අමතක වෙලා යනවා. අමතක උනා කියන්නේ සනීප උනා කියන එක තමයි

තදින් කිති කැවීම

මේ වැඩෙත් සුපිරිම විනොද වැඩක්. ඔයාත් එක්ක ඉන්න යාළුවාට දැන් ඉක්කාව හැදිලා සනීප කර ගන්නම බැරුව ඉන්නවා කියලා හිතන්නකෝ. තව යාලුවෝ කීප දෙනෙක් එකතු කරන් ඒ ඉක්කාව හැදුන කෙනාට කිති කවන්න. බිම දාගෙන කිති කවන්න. දවස් දෙක තුනක් යනකම් පොරට ඉක්කාවක් තිබුනද කියලවත් මතක් වෙන එකක් නෑ. හැබැයි ඉතින් කුණු හරුප සංග්‍රහයක් නම් ලැබේවි

සිනි හැන්දෙන් ප්‍රතිකාර කරමු

මෙහිදී වෙන්නේ දිවේ පැණිරස වලට සංවේදී බව දක්වන කොටස උත්තෙජණය කරලා ඉක්කාවට ශරීරය දක්වන සහයෝගය නැති කරලා දාන එක. දිවේ රස ස්නායු අධික ලෙස උත්තේජනය කිරීම මගින් ඉක්කාවට ශරිරය මගින් දක්වන අවධානය නැති කිරීම තමයි මේ ප්‍රතිකාරයේදී වෙන්නේ. සිනි බෝතලේ තෙත හැන්දක් දාලා හැන්දට සිනි අලවා ගන්න. දැන් හැන්ද දිව අගට වෙන්න තියා ගන්න. ඉක්කාව සනීප වේවි

මී පැණි ඛෙහෙත

මී පැණි කියන්නේ මනුෂ්‍ය ශරිරයට හුගාක් ගුණදායක ඖශධයක්. මී පැණි තේ හැන්දක් වතුර ස්වල්ප ප්‍රමානයකට කලවම් කරලා දිව අගට වෙන්න කටේ තිය ගෙන ඉන්න. පොඩි වෙලාවක් එහෙම තියන් ඉදලා එකපාරටම ගිලලා දාන්න

හුස්ම අල්ලන් ඉන්න

 හොදින් හුස්මක් අරගෙන එක පුළුවන් තරම් වෙලා අල්ලන් ඉන්න පිට කරන්නේ නැතුව. මේක ගොඩක් සාර්ථක ඉක්කාවට ක්ෂණික සහනයක් ලැඛෙන ප්‍රතිකාරයක්

වතුර ටිකක් බොන්න

 මේ වැඩේ නම් ඉතින් අනිවා අපි ඉක්කාවක් හැදුනම කරනවනේ. සමහරු එක හුස්මට වතුර විදුරුවක් බොනවා. ඒ වගේම සමහරක් පැති වල ලොකු වතුර උගුරක් අරන් එක හතකට කඩලා බොනවා. ඔබ මේ වෙනකොටත් වතුර සැහෙන්න බීලා ඉක්කාව සනීප උනේ නැති කෙනෙක් නම් සීතල වතුර ටිකක් බීලා උගුරට අරන් හොදින් කකාරලා බලන්න. ඉක්කාවට සහනයක් ලැබේවි

source : විෂ්මලෝකය