ඔයාට යාළුවො නැද්ද? බලන්න මේ ගතිගුණ ඔයා ලඟත් තියෙනවද කියලා.

2018-10-06


   මේ ජිවිතේ ඇතුලේ අපිට හොඳ මිතුරන් පිරිසක් ගොඩනඟා ගන්න බැරිනම් ජිවිතේ කිසිම තේරුමක් නෑ. මොකද යාළුවො ටිකක් එක්ක රවුම් ගහලා ගන්න සතුට තනියම Travel කරාට ගන්න බෑ.යාළුවොත් එක්ක ආගිය තොරතුරු ගැන පරණ දේවල් ගැන කතා කරද්දී දැනෙන සතුට ජිවිතේකට ඕනේ. ඉතින් එහෙම මිත්‍රත්වයක් ඔයාගේ ජීවිතේ ඇතුලේ නැත්තං ඒකට හේතුවක් තියෙන්න ඕනේ. හොඳ යාලුවෙක් නෑ කියන්නේ සමහර විට ඒක ඔයාගේ අඩුපාඩුවක් නිසා සිද්ද වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් බලන්න ඔයා තුලත් මේ ගතිගුණ තියෙනවද කියලා.

   විහිළු තේරෙන්නේ නෑ

   මම කැමති තනියම ඉන්න. ඒක හරිම නිදහස් දෙයක් කියලා කිව්වට, අපි කාටවත් තනිවෙලා ජිවත් වෙන්න බෑ. එහෙම ඉන්න ඕනත් නෑ. මෙහෙමයි. යාළුවො කියන්නේ හැමතිස්සෙම අපිත් එක්ක සතුට බෙදාගන්න කැමති පිරිසක්.එයාලා කවදාවත් අපේ හිත් රිද්දන්නේ නෑ. එහෙම කරනවා නම් ඒ නියම යාළුවො නෙමෙයි. යාලුවෙක් විහිළුවක් කරද්දී, යාළුවො ටිකක් එකතු වෙලා ඔයාව බයිට් එකට ගනිද්දී ඔයාට ඒ විහිළු තේරුම් ගන්න බැරි නම් , ඔයා ඒ විහිලු වලට තරහ වෙලා කේන්ති අරන් රණ්ඩු වෙනවා නම් ඔයාගේ යාළුවො ඔයාගෙන් ඈත් වෙනවා. අපෝ එයත් එක්ක විහිලු කරන්න බෑ , එයා නම් මෙලෝ රහක් නෑ වගේ දේවල් ඔයත් එක්ක හිටිය යාළුවො ඔයාට කියලා තියෙනවා නම් අන්න ඒක තමයි දැන් ඔයාට යාළුවො නැතිවෙන්න ප්‍රධානම හේතුව. ජිවිතේ හැමදේම විහිලුවකට ගන්න එක වගේම ජිවිතේ හැමදේම ඕනවට වඩා හිතන්න යනකොටත් අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න වැඩියි. ඒ නිසා හැම තිස්සෙම ෆුල් සීරියස් වෙන එක පොඩ්ඩක් අඩු කරගෙන සතුටෙන් ඉන්න බලන්න. මොකද සතුටින් ඉන්න මිනිස්සු වටේට අනෙක් අය එකතු වෙන්න කැමතියි.

   රහස් රකින්න දන්නේ නෑ

   යාළුවො යාළුවො අතරේ පුදුමාකාර රහස් තියෙනවා. රහස් කියන්නේ රහස් වලට, ඒවා හැමෝම දැනගන්න ඕන දේවල් නෙමෙයි. ඔයාට රහස් රකින්න බැරිනම් ඔයාට කවදාවත් හොඳ යාලුවෙක් වෙන්න බෑ. සැමියට , බිරිඳට , අම්මට, තාත්තට කියන්නැති සමහර දේවල් අපි අපේ හොඳම යාලුවට කියනවා. එහෙම කියන්නේ ඒ යාලුවා ගැන විශ්වාස කරලා. ඉතින් ඒ විශ්වාසෙ කඩකරලා ඔයා ගිහින් ඒ රහස තවත් කෙනෙක්ගේ කනේ තිබ්බොත්, ඒ වගේම ඒ ගැන ඔයාගේ යාලුවා දැනගත්තොත් ඔයත් එක්ක එයා තවදුරටත් යාළුකම් පවත්තන්නේ නෑ. අපෝ එයාට නම් මේවා කියන්න බෑ වටේම ගිහින් කියනවා කියලා හැඟීමක් අනෙක් අයට ඔයා ගැන ඇතිවුනොත් ආයේ ඉතින් ඔයාට යාලුවෙක් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි කරන්න බැරි දෙයක්. ඒ නිසා යාලුවෙක් රහසක් කිව්වොත් ඒ රහස රහසක් විදියට තියෙන්න අරින්න.

   තමන් ගැන විතරයි හිතන්නේ 

   මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නන්. ඔයා කැමතිද ආත්මාර්ථකාමී මිනිස්සුන්ට? ඒ කිව්වේ තමන් ගැන විතරක් හිතන, තමන්ටම විතරක් දේවල් බලාපොරොත්තු වෙන අයට? මම දන්නවා ඔයාගේ උත්තරේ මොකද්ද කියලා. අපි කවුරුත් කැමති නෑ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට. යාළුවො අතරේ කවදාවත් මම කියලා වචනයක් නෑ. අපේ Set එක, අපේ ගැන්සිය, අපේ කොල්ලෝ ටික. අපි අපි අපි .. යාළුවො හැමතිස්සෙම අපි කියලයි හිතන්නේ.ඔයා ඔයා ගැන විතරක් හිතනවා නම්, ඔයා ඔයාගේ යාළුවො අතරේ ආත්මාර්තකාමියෙක් විදියට හැසිරෙනවා නම් ඔයාව එයාලගේ කණ්ඩායමෙන් එලියට විසිවෙන්න . ඔයා තනිවෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. ඒ නිසා ඔයා ඔයාගේ ආත්මාර්ථකාමි ගතිගුණ පුරුදු ඉක්මනටම නැති කරගන්න උත්සහගන්න.

   මතක තියාගන්න හොඳ යාලුවෙක් කියන්නේ ඔයාගේ ජීවිතේට ලොකු ශක්තියක්. ඔයාට ජිවිතේ වැඩියෙන්ම වැරදුන තැනේදිත් ඔයාව අත ඇරලා යන්නේ නැති , ඔයාව හැම වෙලාවේම වැරදි දෙයින් ගලවාගෙන හරි තැනින් තියන යාළුවා තමයි නියම යාලුවා වෙන්නේ. තව දෙයක් ඔයාගේ යාළුවනටත් වඩා ඔයාගේ ජීවිතේට හුඟක් වැදගත් වෙන්නේ ඔයාගේ පවුලේ සාමාජිකයන්. මම මෙතැනදී යාලුවන්ව පහත් කරනවා නෙමෙයි පවුලක තියෙන වටිනාකම වැඩි කළා විතරයි