රන් පදක්කම් දහයක් තමන් සතු කරගන්නා බව ජැමෙයිකාව පවසයි

2019-08-15


   ලබන සැප්තැම්බර් මාසයේ දී දෝහා කටාර් හිදී පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් දහයක් තමන් සතු කරගන්නා බව ජැමෙයිකාව පවසනවා.මීටර් 100 සහය දිවීම තරගයේ දී රන් පදක්කම දිනා ගැනීමට වැඩි අවස්තාවක් ජැමෙයිකාවට පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.එමෙන්ම කෙටි දුර ධාවන ඉසව්වන්ගෙන් වැඩි පදක්කම් ගණනක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බවද සදහන් කර තිබෙනවා.ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන සැප්තැම්බර් 28 වන දා දෝහා කටාර් හිදී ආරම්භ වෙනවා.