සතුටෙන් ඉන්න කල යුතු දේවල් 5ක්

2018-06-11


අපි හැමෝම කැමති සතුටෙන් ඉන්න. ඉතින් ඇයි අපිට සතුටෙන් ඉන්න බැරි? සතුටෙන් ඉන්න නම් අපි මොනවද කරන්න ඕනේ? පුළුවන්නන් මේ දේවල් 5 කරලා බලන්න.

1) ස්තුතිවන්ත විය යුතු ලැයිස්තුවක් සකස් කරන්න.

හැම රාත්‍රියකම අද දවස සාර්ථකව ගෙවා දමන්න තමන්ට උදව් වුන දේවල් සහ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් හදන්න. මේ  දේ පුංචි සරල දෙයක් විදියට පෙනුනත් එක දිගට සතියක් කරලා බලන්න ඔයාගේ හිතට මොනතරම් සතුටක් දැනෙනවා ද කියලා?

2)දිගු වෙලාවක් හොඳින් නිදා ගන්න

මේක ටිකක් මෝඩ කතාවක් වගේ දැනුනට ඔයාම හිතලා බලන්න නිදි මරාගෙන එක දිගට වැඩ කරද්දී හිතට සතුටක් දැනෙනවද කියලා. හොඳ නින්දක් ලැබීමෙන් ආතතිය අඩුවෙලා හිතට සතුටක් ලැබෙනවා.

3)භාවනා කරන්න

හිතේ සතුට ඇතිවෙන්න නම් හිත සන්සුන් වෙන්න ඕනේ . හිත සන්සුන් කරගන්න දවසකට විනාඩි 10ක්වත් භාවනා කරන එක හොඳයි.

4)පවුලේ අය එහෙම නැත්තම් යාළුවො එක්ක කාලේ ගත කරන්න.

අලුත්ම සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදියට තමන්ගේ නෑදෑ හිතවතුන් එක්ක කාලය ගත කරන පුද්ගලයින් වඩාත් සතුටින් ඉන්න බව හොයාගෙන තියෙනවා. තමන්ගේ හැගීම් සිතුවිලි බෙදා හදා ගන්න කෙනෙක් ඉන්න එක ඇත්තටම සතුටක් නෙමෙයිද?

5)අන්තර්ජාල සම්බන්ධතා අඩු කර සැබෑ සම්බන්ධතා වැඩි කරගන්න.

අන්තර්ජාල සම්බන්ධතා වලදී අපිට ලැබෙන්නේ ව්‍යාජ සතුටක් හැබැයි සැබෑ සම්බන්ධතා එහෙම නෙමෙයි. ලයික් කමෙන්ට්ස් වැඩි වෙද්දී සතුටක් ලැබුනත් ඒ සතුට වැඩි වෙලාවක් පවතින්නේ නෑ. හැබැයි සබාවට ගොඩනගාගන්න ආදරණිය සම්බන්ධතා වලින් ලැබෙන සතුට කාලයක් පවතිනවා.