සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසිට මාස තුනක තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් පනස් දහසක දඩයක් නියම කර තිබෙනවා.

2019-08-07


   සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසිට මාස තුනක තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් පනස් දහසක  දඩයක් නියම කර තිබෙනවා.
   
   ඇමරිකානු පාපන්දු සම්මේලනයයි මෙලෙස ඔහුට දඩ නියම කර තිබෙන්නේ.
   පසුගිය දා අවසන් වුනු කෝපා ඇමරිකා තරගවලිය්දී චිලි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී       
 
   ලයනල් මෙසි හට රතු කාඩ් පතක් හිමිවිමෙන් අනතුරුව ඔහු ඇමරිකානු පාපන්දු සම්මේලනය වෙත චෝදනා එල්ල කර සිටියා .එමෙන්ම බ්‍රසීලයට වාසි වන අයුරින් ඇමරිකානු පාපන්දු සම්මේලන කටයුතු කරන බවටද ඔහු සදහන් කර තිබෙනවා.තිස් දෙවන වියේ පසුවන ලයනල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 136 කදී ගෝල 68ක් වාර්තා කර තිබෙනවා.