දිනක්ෂි ප්‍රියසාද් ගේ Online බිස්නස් එක

2019-06-05


  දිනක්ෂි කියන්නේ ලංකාවේ ජනප්‍රිය තාරකාවක්. ඇය රඟපෑ චරිත හරහා  අති දක්ෂ රංගන ශිල්පිනියක් විදියට තමන්ගේම  රසික පිරිසක් නිර්මාණය කරගනන් ඇයට හැකියාව ලැබුනා. නමුත් අපි මේ කියන්න යන්නේ ඇයගේ නවතම ටෙලි නාට්‍ය ගැන හෝ කලා කටයුත්තක් ගැන නම් නෙමෙයි.  දැනගන්න ලැබෙන විදියට නම් ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයටත් පිවිසිලා වසරකුත් ගත වෙලා. 

   Magandhaa කියන්නේ Online Store එකක් මේ Online Store එකෙන් විවිධ වර්ණයන්ගේ සහ විවිධ විලාසිතාවන්ගේ සාරි මිලදී ගැනීමේ හැකියාව ලැබුනා. ඉතින් මේ Online Store එක දිනක්ෂිගෙලු. ඒ  වගේම ඇය ඊයේ දිනයේ දී Magandhaa වෙළඳ නාමය යටතේ  පාවහන් යුවලක් තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දීලා . ඒ පාවහන් යුවල නම් කර තිබුනේ Gladiatar නමින් වීමත් විශේෂත්වයක්. දැනට ලැබුන ආරංචිය නම් එච්චරයි. කොහොම වුනත්  ඇගේ ව්‍යාපාරය තුලින් වගේම රංගනයෙනුත් තව  දුරටත් ඉදිරියට යන්න අවස්තාව ලැබෙන්න කියලා අපි සුබ පතනවා.