දියවැඩියාවට තිත තියන නව වී වර්ගයක් ලංකාවෙන්

2018-07-26


දියවැඩියාව කියන්නේ අපේ රටේ හුඟ දෙනෙක්ට තියෙන රෝගී තත්වයක් . දියවැඩියාව හැදෙන්නේ අපි ගන්න ආහාර ගැන අවබෝධයක් නැති වුනාම. දියවැඩියාව හඳුනම කාබෝහයිඩ්‍රේට අඩුවෙන් තමයි අහාරයට ගන්න ඕනේ . අනේ ඉතින් අපේ ප්‍රධාන ආහාරය බත් නේ . බත් නොකා කොහොමද කියලා තමයි අපි ගොඩක් දුක්වෙන්නේ. ඔන්න සතුටු කාරණයක් තියෙනවා. අපේ රටේ අම්බලන්තොට වී පර්යේෂනායතනය දියවැඩියාවට ඔරොත්තු දෙන වී වර්ගයක් හොයාගෙන තියෙනවලු. මේ වී වර්ගයේ නම නිරෝගා. මේ වී විශේෂයෙන් හැදෙන හාල් වල කබෝහයිඩ්රේට් අඩංගු වෙන්නේ ගොඩක් අඩුවෙන් ලු. ඒ නිසා මේ හාල් විශේෂය ආහාරයට ගත්තා කියලා රුධිරයේ සීනි මට්ටම ඉහල යන්නේ නෑලු.