කැමා ඇඳුම් ඇඳීම සාමාන්‍ය ජනතාවට තහනම් වන ලකුණු

2019-03-27


   පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වුනේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇඳුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් (කැමා ඇඳුම් ) සාමාන්‍ය ජනතාවට තහනම් කරන්නට යන බවයි. මේ පිළිබඳව පලවෙන පුවත් වලට අදහස් දක්වමින් සාමාන්‍ය ජනතාව අප්‍රසාදය පල කර තිබුනා. කෙසේවෙතත් ඊයේ දිනයේ පලවුන පුවත් පත් ලිපියකට අදහස් දක්වමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පවසා තිබුණේ හමුදා පනතට අනුව හමුදාව භාවිතා කරන නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දඩ හෝ මාස 6ක සිර දඬුවමක් නියම කල හැකි බවයි.

   එමෙන්ම හමුදා නිල ඇඳුම් සිනමා නිර්මාණයකට භාවිත කරද්දී යම් පියවර කීපයක් අනුගමනය කල යුතු බව සඳහන් වෙනවා. මේ ලෙසට කැමා තහනමක් ගෙන ඒමට හේතුව යුධ හමුදාවේ අභිමානයට එයින් සිදුවන කැළල අවම කර ගැනීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇතිවන ගැටලුව අවම කිරීම බවයි තව දුරටත් සඳහන්ව තිබුනේ. 

   එම පුවත පහතින් 

   ලොව පුරා රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පීන් පවා භාවිත කරන කැමා ඇඳුම් පැළඳුම්