කුරුණෑගලට වළාකුලක් කඩන් වැටිලා

2018-11-29


   ඔයා දැකලා තියෙනවද වලාකුලක් කඩන් වැටිලා තියෙනවා? අහසේ පාවෙන වලාකුලක නැගලා ලෝකේ වටේ යන්න නම් ආසාවක් පුංචි කාලේ නම් තිබුනා තමයි. ඉතින් ඒ වලාකුලක් ඔයාගේ ගමට කඩන් වැටුනොත් ඔයා කොයිතරම් පුදුම වෙයිද? අන්න ඒ පුදුම සහගත හැඟීමත් එක්ක Facebook එකට Photo වගයක් Upload කරලා තිබුනා. ඒ පොස්ටුවේ කියවෙන විදියට නම් මේ වලාකුළ කඩන් වැටිලා තියෙන්නේ කුරුණෑගල ගැට්ටුවාන කියන ගමක තියෙන වෙල්යායකට. 

 

   මේ සිදුවීමේ තියෙන පුදුම සහගත බව හින්දම මේක වෙන්න පුළුවන් දෙයක් ද කියලා මම හොයලා බැලුවා. එතැනදී මට දැක ගන්න පුළුවන් වුනේ මේ වගේ සිදුවීම් කීපයක්ම විවිධ වසර වලදී විවිධ රටවලින් වාර්තා වී ඇති බවයි. මොරොක්කෝව ,චීනය වගේ රටවල මේ වගේ සිදුවීම් සිදුව තිබෙනවා. කොහොම වුනත් මේ ගැන පලවෙලා තියෙන විවිධ අදහස් වලින් නම් කියවෙන්නේ වලාකුලක් මේ විදියට කඩා නොවැටෙන බවයි. වලාකුලක් නිර්මාණය වෙන්නේ ඉතාමත් කුඩා ජල අංශු වලිනුයි. 

  

   කෙසේවෙතත් මේ පිළිබඳව නිසි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කිසිදු විශේෂඥයෙක් පල කර ඇති බවක් පෙනී යන්නේ නෑ.