මේ දවස්වල ෆේස්බුකිය කළඹන කිලිනොච්චියේ දිවියා

2018-06-22


ඊයේ දිනයේදී facebook මාධ්‍ය ජාලය ඔස්සේ මුදා හැරුණු චායාරුප සහ වීඩියෝ කීපයක දිවියෙක් මරා ඒ ගැන සතුටු වෙන පිරිසක් ගැන කතා බහට ලක් වුනා. ෆෙස්බුකිය තුල ලැව් ගින්නක් වගේ පැතිර ගියපු මේ ඡයාරූප වල හරි කතාව දැනගන්න ලැබෙන්නේ අද මාධ්‍ය ඒ පිළිබඳව හරි තොරතුරු වාර්තා කිරීමත් එක්කයි. 

කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුනු දිවියකු සිදුකල පහරදීමකින් ගම්වාසින් 10 දෙනෙකු තුවාල ලබා තිබුනා.  දිවියා අල්ලා ගැනීමට ආපු වනජීවි නිළධාරින් 4 මේ දිවියාගේ පහර දීමට ලක්වෙන්න සිදුවුණා. දිවියා අල්ලා ගන්න  වනජීවි නිළධාරින් ප්‍රමාදවීම නිසා ප්‍රදේශවාසීන් එකතු වෙලා  සත්වයා කොටු කර ගෙන පසුව  පහරදී ඝාතනය කර තිබුණා. එම අවස්ථාවේදී ලබා ගත්ත චායාරුප යම් කෙනෙක් facebook අඩවියට මුදා හැරීම නිසා මේ සිද්දිය පිළිබඳව මුළු රටම දැනගත්ත. 

මේ ගැන අදහස් දක්වන බහුතරය දිවියා වෙනුවෙන් අනුකම්පා සහගතව කතා කරන බව දකින්න ලැබෙනවා. ඒ වගේම මේ සත්ත්වයා ඝාතනය කල පිරිසට දඬුවම් නියම කරන ලෙසට වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිඛෙනවා.