මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

2019-12-03


   නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ක්‍රීඩිකාව සමත් වුනා.ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3.4 කින් එම තරගය අවසන් කරමින්. 

   ඒ අනුව පදක්කම් 26 ක් ලැබූ නේපාලය පළමු ස්ථානයේත් පදක්කම් 16ක්හිමිකර ගත් ඉන්දියාව දෙවන ස්ථානයේත් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටින අතර මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක්හිමිකර ගැනීමට සමත්ව තිබේ.