ශ්‍රී ලංකාව තුල භාවිතා කෙරෙන Facebook ගිණුම් 5 කින් 1 ක් Fake

2018-10-11


   මෙරට තුල අන්තර්ජාලය හා විද්‍යුත් උපාංගවලට ඇබ්බැහිවී ඇති පිරිස ඉහල ප්‍රතිශතයක් විය හැකි බැවින් එම සංඛ්‍යාව සොයාගැනීම සදහා කඩිනමින් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුකිරිමේ අවශ්‍යතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

   අදට යෙදී ඇති ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොලඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය පෙන්වා දුන්නේ මෙරට ජනගහනයෙන් මිලියන 6ක් අන්තර්ජාලය භාවිත කරන බවයි.

   ජංගම දුරකථන සම්බන්ධතා මිලියන 25ක් රට තුල භාවිත කරන බවත් ඒ අතරින් මිලියන 4යි දශම 5ක සංඛ්‍යාවක් මුහුණුපොත හෙවත් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙනයන බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

   ඒ අතරින් සෑම ෆේස්බුක් ගිණුම් පහකට එකක් ව්‍යාජ ඒවා බවත් අනාවරණ වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය අද පැවති සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

උපුටා ගැනීම :https://www.newsradio.lk