සින්දුව share කරන්න බැරිනම් මගේ ෆේස්බුක් ගිණුමෙන් යන්න - මධුමාධව

2018-07-05


මධුමාධව අරවින්ද කාලෙන් කාලෙට විවිධ පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඔහු පහුගිය දවසක මම ඇත්තක් නමින් පොතක් එළිදක්වනවා. ඒ පොතේ ඔහුගේ ජිවිත කතාවේ අස්සක් මුල්ලක් නෑර හැමදේම තියෙනවා කියලා තමයි ඔහු Rhythm World Life 1 වැඩසටහනට එකතු වෙලා කිව්වේ.

ඔහු රචකයෙන් , දේශපාලකයෙක් ,නිවේදකයෙක් විදියට පහුගිය කාලේ පුරාවට සක්‍රියව හිටියට ඔහු කලාවට පිවිසෙන්නේ ගායකයෙක් විදියට. පහුගිය කාලේ පුරාම ඔහුගේ නව නිර්මාණයක් දකින්න ලැබුනේ නෑ. නමුත් මම ඇත්තක් ප්‍රසංගයත් සමඟම ඔහු ඔහුගේ ගායන දිවියේ අලුත් ගමනක් පටන් අරගෙන. පසුගිය දවසක නවතම ගීතයක් රසිකයන් අතරට ඔහු ගෙනාවා. එහි රුපරචනාව ඔහුගේම අධ්‍යක්ෂණයක් විදියටයි නිර්මාණය වෙන්නේ.

නමුත් ඔහු ඔහුගේ ගීතය ශෙයා නොකළ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සිටින හිතවතුන්ට පසුගිය දවසක සැර ප්‍රකාශයක් ඔහුගේ ෆේස් බුක් පිටුවේ පලකරලා තිබුනා. එහිදී ඔහු කියා තිබුනේ තමන්ගේ ගීතය ශෙයා කරන්න බැරි අයට තමන්ගේ ගිණුමෙන් ඉවත් වෙන්න කියලයි. ඔහුගේ සටහන පහතින් කියවන්න. ඒ වගේම ඔහුගේ නවතම ගීතය නරඹන්න පහලින්