සොඳුරු හඬ නිහඬ වෙයි

2019-07-23


   ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය කාලයේදී අසනීප වී සිටි ඇය, පසුගිය  (21) රාත්‍රියේ අවසන් හුස්ම හෙලා තිබුනා.

   අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ , සිතුවිලි සිරවී හදවත පතුලේ, ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ වැනි ජනප්‍රිය ගීත රැසක් රචනා වී ඇත්තේ ද ඇයගේ අතින් වන අතර ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා.

   ඇයගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු හෙට  (24) සිදු කිරීමට නියමිත බව කියවෙනවා