සුනිල් ශාන්තයන්ගේ හඬ ජිවත් කල අයිවෝ ඩෙනිස් මහතා නික්ම යයි

2018-06-19


1932 වසරේ දී මෙලොව එළිය දුටු අයිවෝ ඩෙනිස් මහතා එකල ගුවන් විදුලියේ පැවැත්වූ ආධුනික පැය වැඩසටහනේ ගීතයක් ගායනා කරමින් ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා.  සුනිල් ශාන්තයන්ගේ හඬට සමාන හඬකින් ගී ගයමින් ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය ආලෝකමත් කල ඔහු මිය යන විට වයස අවුරුදු අසූ හයයි.  සීදුවේ පිහිටි ඒ මහතාගේ නිවසේදීම අවසන් හුස්ම හෙලූ ඔහුගේ අවසන් කටයුතු හෙට (20) බදාදා දිනයේදී සිදු කිරීමට නියමිතයි.

බඹරුද බඹරුද, බිමට වඩින් බිමට වඩින් , කෝකිලයන්ගේ කෝකිල නාදේ වැනි ගීත රැසක් ගායනා කරමින් ශ්‍රී ලාංකීය රසිකයන් අතර සිය නම රන්දන්නට අයිවෝ ඩෙනිස් මහතාට හැකියාව ලැබිණි.