දකුණු අප්‍රිකාව පරදවා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගනියි

2020-02-28


   දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති 20යි 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම  සමත් වුනා.
ඒ නිව් ලෑන්ඩ් හි පැවති  තෙවන 20යි 20 තරගය ලකුණු 97කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණූ 195ක් ලබා ගත්තා.
ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් සහ ආරොන් ෆින්ච් ලකුණු 55ක් රැස්කලා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 03ක් තුල සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 96ක් පමණයි.ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ මිචෙල් ස්ටක් සහ අස්කර් අග්වර් කඩුලු 03 බැගින් දවාගැනීමට සමත් වුනා.
දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත් අතර දෙවන තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගත්තේය.