දන්නවද මේ පොඩි කොල්ලා කවුද කියලා?

2020-01-23


   මේ ඉන්නේ ඔසිටා ඉහම්. නම දන්නේ නැති වුනාට මේ පුංචි කොල්ලව අපි හැමෝම දන්නවා. මොකද මෙයාගේ මේ පින්තුර පාවිච්චි කරලා විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරපු Post ගොඩක් මේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා. බැලූ බැල්මට පෙන්නේ අවුරුදු 8 ත් 10 ත් අතර පුංචි කොලු ගැටයෙක් වගේ උනාට මෙයාට වයස අවුරුදු 37 ක් වෙනවා. ඔසිටා කියන්නේ නයිජිරියානු රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ඔසිටා ඉහම් Lagos state university එකේ පරිගණක විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි තරුණයෙක්. 1982 දී උපත ලබා ඇති ඔහු , රංගන ශිල්පියෙකුට  ඔහුගේ ජිවිතේ එක්වරක් පමණක් හිමිවෙන Life time achievement award එක African movie academy awards හි දී   හිමි වෙන්නේ 1998 දී වීම විශේෂත්වයක්. ඊට අමතරව හොඳම නළුවාට හිමි සම්මාන , හොඳම හාස්‍ය උත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානයද ඇතුළු සම්මාන රැසක් දිනා ඇති ඔහු ඔහුගේ බාහිර ස්වරූපය ඔහුගේම  වාසියට හරවාගෙන ලෝකෙම දිනපු රංගන ශිල්පියෙක්.