කොන්ද නිසා අජන්ත නැවතී

2019-09-03


   වසර ගණනාවක් තිස්සේ සුව නොවූ පිට කොන්දේ අබාධය තමන් ක්‍රීඩාවෙන් සමු  ගැනීමට තීරණයකළ  ප්‍රධානම හේතුව බව  අජන්ත මෙන්ඩිස්  තම සමුගැනීම පිළිබද මධ්‍ය දැනුවත් කරමින් පවසා සිටියා .වසර තුනකින් පමණ පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා  කිරීමට නොහැකි වූ බවත් ඉදිරියේදී ක්‍රීඩා කිරීමට අපහසු නිසාත් තමන් මෙම තීරණය ගත් බවයි  හිටපු සුපිරි දග පන්දු යවන්න ප්‍රකාශ කර සිටියේ.කෙසේ නමුත්  ඉදිරියේදී පුහුණු කරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු සදහන් කළා.එක්දින තරග 87කදී කඩුළු  152ක් දවගන්නට සමත්ව තිබෙනවා.ටෙස්ට් තරග 19කදී කඩුළු  70ක්ද  විස්සයි විස්ස තරග 39කදී කඩුළු  66ක් දවගන්නට සමත්ව ඇත්තේ ලොව වේගත්වම එක්දින හා විස්සයි විස්ස කඩුළු  50 දවාගැනීමේ වාර්තාව තමන්  සතුකර ගනිමින්. එමෙන්ම අජන්ත මෙන්ඩිස් තරග රටා  තුනෙහිම කඩුළු  06 බැගින් දෙවරක් දවාගත් මෙතෙක් ලොව එකම  ක්‍රීඩකයාද වෙනවා.