ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි

2020-02-28


      සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්  සමගින් පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.ඒ අනුව එක්  තරගයක් ඉතිරිව තිබියදී  තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ කලකට පසු ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දක්වමින් . කෙසේ නමුත් තරගය පැවතී හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනයේ පිවිසුම් දොරටු අභියස සිදුවූ කලහකාරී සිදුවීමක්  පිළිබද  වාර්තා වුනා.මෙම සිදුවිම පිළිබද නොයෙකුත් ආකාරයේ පුවත් නිර්මාණය වෙමින් තිබුනා.ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය  මේ පිළිබද විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

   එදින  සිදුවිම පිළිබද තමන් ඇතුළු ක්‍රිකට් ආයතනය වගකීම භාරගන්නා බවත් එම අවස්ථාවේ අපහසුතාවට පත් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව යද සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත්  සදහන් කර සිටියා.