ලයනල් මෙසී 2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගනියි

2019-12-03


සුපිරි ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයොනල් මෙසී  2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.ඔහු මෙම සම්මානය හිමිකර ගත් 6වන අවස්ථාව  වීම විශේෂත්වයක් .මීට පෙර ලයොනල් මෙසී 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදී මෙම සම්මානය හිමිකර ගෙන තිබේ.

මෙවර සම්මානය සඳහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද නිර්දේශ වී සිටියා.මේ අතර වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ අමෙරිකාවේ මේගන් රැපීනෝටයි.මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ආමරිකා කණ්ඩායම මෙහෙයවමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් මේගන්ට මෙම සම්මානය පිරිනැමීය.