නවසීලන්තයට ලකුණු 14 ක ජයක්

2019-11-05


   එංගලන්තය සමග පැවතී තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු  14කින් ජය ගන්නට නවසිලන්ත කණ්ඩායම සමත් වුනා. තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය මුලින් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු  7ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වුනා.කොලින් ඩී  ග්‍රැහැම්හෝම් හයේ පහර 3ක් සහ 4 පහර 5 සමගින් ලකුණු 55ක් ලබා ගන්නට සමත් වුනා.
 
   ලකුණු  181 ජයග්‍රාහී ඉලක්කය හබා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 166ක් පමණයි.එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් මාලන්  ලකුණු 55ක් සහ ජේම්ස් වින්ස්  ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.ඒ සමගින් තරඟ 5 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.