පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

2020-02-28


   අයි.සී.සී කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්ස  ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකරගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.
   තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කළ ලකුණු ගණන 133ක්..
   පිළිතුරු ලෙස නවසීලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130ක් පමණයි.
   මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග 3ම ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා..