Tim ට Team එක

2019-08-23


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා නවසිලන්ත කණ්ඩායමේ වගකීම ටීම් සවුති  වෙත පවරා තිබෙනවා.ඒ කෙන් වොලියම්සන් විවේක ගැනීමට තීරණය කර තිබීම හේතුවෙන්. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ලබන මස පළමු වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ආරම්භවෙනවා.එමෙන්ම නවසිලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ට්‍රෙන්ට් බෝල්ට් ද විවේක ගැනීමට තීරණය කර තිබෙනවා.මෙම ක්‍රීඩකයින් දෙපල එක්දින ලෝක කුසලාන තරගාවලියේදී  හොදින් ක්‍රීඩා කල නිසාත් ඔවුන්ට විවේකයක් ලබා දීමට අවශ්‍ය නිසාත් විස්සයි විස්ස තරගාවලියට නම් නොකළ බව නවසිලන්ත තේරීම් කමිටු සාමාජිකයෙකු  ලාන්සර් සදහන් කර තිබෙනවා.