2018 වසරේ වැඩියෙන්ම විකිණෙන දේවල් මොනවද?

2018-06-20


මේ දිනවල ලෝකේ ජනතාව මිලට ගන්න වැඩිම උනන්දුවක් දක්වන දේවල් මොනවද කියලා ඔබ දන්නවද? සමහර විට ඔබත් නොදැනුවත්වම එම භාණ්ඩ මිලදී ගත්ත පාරිභෝගිකයෙන් වෙන්න ඉඩ තිබෙනවා.

1)මේ දිනවල ලෝක ජනතාව මිලට ගන්න වැඩිම උනන්දුවක් දක්වන්නේ shape Wear  කිව්වොත් ඔබ පිළිගන්නවද?

වැරදි ආහාර රටාව හා වැරදි ජිවන පුරුදු නිසා අපේ ශරීර හැඩය නියමිත පරිදි නෑ. ඒත් අපි හැමෝම කැමති ඇඟේ හැඩේ පෙන්න ටිකක් හිරට ඇඳුම් අඳින්න හැබැයි එතකොට අපේ බඩ එහෙම කැතට පේනවා. ඒ වගේම ඉන ටිකක් හරි අඩු කරගන්න උවමනාවක් අපිට ඇති වෙනවා ඉතින් ඒ නිසා ලෝකේ වැඩි දෙනෙක් ශරීර අංග හැඩට පේන්න Shape Wear මිලට ගැනීම පුදුමයක් නෙමෙයි.

 

2) Shape Wear වලට පස්සේ පාරිභෝගිකයන්ගේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ Phone Accessories වලට ලු

ඒ කියන්නේ  Phone cases, grips, screen protectors, repair kits, chargers, මිලට ගන්න ලෝක ජනතාවගේ වැඩි කැමැත්තක් තියෙනවා. හරිනේ ඉතින් අපි වුනත් එහෙමනේ අලුත් ෆෝන් එකක් ගත්තට පස්සේ ඒකට ගැලපෙන phone කාවරයක්, එතකොට දුරකථන තිරය ආරක්ෂා කරගන්න temperd glass එකක් , එහෙම නැත්තන් එකට ගැලපෙන චාර්ජරයක් ගන්න අපි හරි උනන්දුයි නේ . ඉතින් කතාව ඇත්ත.

 

3) Phone Accessories වලට පස්සේ වැඩිම ඉල්ලුමක් තියෙන දේ වෙන්නේ ක්‍රීඩා ඇඳුම් 

මේ වෙද්දී හුඟ දෙනෙක් නිරෝගිව ඉන්න උනන්දු වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වැඩි දෙනෙක් Gym යන්න Jogging යන්න උනන්දුවක් දක්වනවා. ඉතින් Gym එකට යද්දී වුනත් පිළිවෙලකට යන්න එපැයි ඒ හින්දා sweatshirts, sweatpants, leggings, sports bras, tank tops, headbands, capris, and shoes, වගේ දේවල් මිලට ගන්න පාරිභෝගිකයෝ වැඩි දෙනෙක් ඉන්න පුළුවන් තමයි