Android දුරකථන භාවිතා කරන්නන් I phone දුරකථන භාවිතා කරන්නන්ට වඩා අවංකයි ලු.

2019-01-16


   මේ කාලය වෙද්දී ජංගම දුරකතනයක් පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්නත් නැතිතරම්. හුඟ දෙනෙක් තමන්ගේ Phone එකත් එක්ක දිනකට පැය 5ක ට අධික කාලයක් ගත කරනවා.

   BBC සිංහල පුවත් සේවය වාර්තා කරන පරිදි අප විසින් භාවිතා කරන Smart ජංගම දුරකථනය අනුව අපේ පුද්ගල ස්වභාවය හඳුනා ගතහැකි ක්‍රමයක් අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.

   ලින්කන් සහ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් Android සහ I phone දුරකථන භාවිතා කරන්නන් 500 ක් යොදාගෙන කරපු අධ්‍යනයකින්  යම් පුද්ගලයෙක් තෝරාගන්න ජංගම දුරකතනය අනුව ඒ පුද්ගලයාගේ ගති ස්වාභාවයන් යම්තාක් දුරකට හඳුනාගත හැකි බව සොයාගෙන තිබෙනවා.

   උදාහරණයක් විදියට Android දුරකථන භාවිතා කරන්නන් I phone දුරකථන භාවිතා කරන්නන්ට වඩා අවංක බවත් Android භාවිතා කරන්නන්ට වඩා I phone භාවිතා කරන්නන් තාරුණ්‍යයේ අදහස් දරන්නන් බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

   මේ පර්යේෂණ කණ්ඩායම මේ අධ්‍යනයෙන් අනතුරුව පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී ඇති අතර එමඟින් යම් පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ අනුව ඔහු හෝ ඇය භාවිතා කරන ජංගම දුරකථනය අනුමාන කිරීම සිදුකරයි.