Asus හඳුන්වා දෙන්න යන අලුත්ම විදියේ Laptop එක

2018-07-02


Asus කියන්නේ ලැප්ටොප් පරිගණක ක්ෂේත්‍රයේ නමගිය සමාගමක්. සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයක් කියන්නේ දිගහැරියම උඩකොටසේ තිරයත් අනෙක් කොටසේ  Keybaourd එක සහ Track Pad පිහිටන තාක්ෂණික උපාංගයක්. විවිධ ආයතන වලින් ලැප්ටොප් පරිගණක නිර්මාණයේදී වෙනස්කම් විදියට අපිට දකින්න ලැබුනේ පරිගණකයේ ඝනකම ,බර අඩුවෙන එක, VGA Port වෙනුවට HDMI Port හඳුන්වා දීම වගේ දේවල්. හැබැයි දැන් Asus සමාගම මෙතනින් එහාට සෑහෙන ලොකු වෙනසක් කරන්න තීරණය කරලා තියෙනවා. ඔවුන් Hardware Keybouard එක වෙනුවට ඒ කොටසත් තිරයක් බවට පත්කර ලා තවත් හැකියාවන් ගොඩක් සහිත ලැප්ටොප් පරිගණකයක් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. Asus සමාගම මේ ව්‍යාපෘතිය හඳුන්වලා දෙන්නේ Asus Precog විදිහටයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ නවතම ලැප්ටොප් පරිගණකය කෘතිම බුද්ධියෙන් සවිබලගන්වපු තිරයන් දෙකකින් සමන්විතව ඉදිරියේදී අපේ අතට පත්වෙන්න නියමිතයි.