Facebook සහ Instagram ඔබේ මුරපදය අනාරක්ෂිතද?

2019-03-24


   Krebs on Security කියන්නේ පරිගණක ආරක්ෂණයන් සහ බිඳ වැටීම් පිළිබඳව සොයා බලන වෙබ් අඩවියක්. පසුගිය දිනක මෙම වෙබ් අඩවිය මඟින් සුවිශේෂී හෙළිදරව්වක් කර තිබුනා. එහි කියවෙන විදියට facebook සහ Instagram  මිලියන 200 යත් 600 ත් අතර පරිශීලිකයින් පිරිසකගේ මුරපද එහෙම නැත්නම් passwards මේ විදියට නිරාවරණය වී තිබුනා.

   සාමාන්‍යයෙන් පරිශිලයින්ගේ මුරපද hashing ලෙස හඳුන්වන විශේෂිත ක්‍රමයකට ගබඩා වීම  සිදුවුනත් පද්ධති ඇති වුන අවුල් සහගත තත්වයක් හමුවේ සාමාන්‍ය මිනිසෙකුට කියවිය හැකි plain text විදියට ගබඩා කරගෙන තිබුන බව krebs on security වෙබ් අඩවියේ නිර්මාතෘ Brian Krebs පවසා තිබෙනවා. මේ බව Facebook ආයතනය තමන්ගේ නිල වෙබ් අඩවිය හරහා සනාත කර තිබුනේ Keeping passward secure යන්නෙන් සටහනක් තබමිනුයි. ඔවුන් මෙහිදී වැඩි දුරටත් කියා තිබුනේ දැනට එම ගැටලුව නිරාකරණය කර ඇති බව සහ මෙලෙස මුරපද නිරාවරණය වූ පුද්ගලයින්ව ඉදිරියේදී දැනුවත් කරන බවයි.

   කෙසේවෙතත් facebook සමාගමෙන් පිටත කිසිවෙකුට මෙය නිරාවණය වී නොතිබුණ බවත් සමාගමේ අභ්‍යන්තර සේවකයින් කිසිවෙක් මෙම දත්ත අනිසි විදියට භාවිතා කල බවට කිසිම සාක්ෂියක් හමුව නැති බවත් සඳහන් වෙනවා.  මේ විදියට මුරපද ඇතුලත්ව තිබුණු ගොනු තුලට ෆේස්බුක් ආයතන සේවකයින් 2000 ක් පමණ ඇතුළු වී ඇති බවත් මෙම ගොනු තුලට පළමුවෙන්ම යමෙක් ඇතුළු වී ඇත්තේ 2012 වසරේදී බවත් සඳහන් වෙනවා.