Google එකට දැන් අවුරුදු 20 යි

2018-09-27


   1998 අවුරුද්දේ Larry Page සහ Sergey Brin තමයි මේ Google Search Engine එක නිර්මාණය කරන්නේ. Brin මේ වෙද්දී Google මව් ආයතනයේ සභාපති වරයා විදියට කටයුතු කරනවා. ඒ වගේම ඔහු තමයි ලෝකේ ධනවත්ම පුද්ගලයින් අතරේ 10 වෙනි තැන හිමි කරගෙන ඉන්නේ. එතකොට Larry ? එයා Google මව් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදියට දැනට කටයුතු කරනවා, ඒ වගේම ලෝකේ ධනවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ 9 වෙනි තැන හිමිවෙන්නේ ඔහුටයි.

   මේ  Search Engine එක අද වෙද්දී Google කියලා හැඳින්නුවට මුලින්ම පටන් ගනිද්දී මේකට දාලා Backrub කියලයි. 1996 අවුරුද්දේ තමයි Larry සහ page ගූගල් කියන නම යොදලා තියෙන්නේ. අද වෙද්දී Google ආයතනය සතුව 200 කට අධික ආයතන ප්‍රමාණයක් තියෙනවා. අද වෙද්දී කොයිතරම් ජනතාවක් මේ Google භාවිතා කරනවද කියලා දැනගන්න බැරි වුනත් අවුරුද්දකට සෙවීම් ත්‍රිලියනයක් වාර්තා වෙන බව තමයි කියවෙන්නේ.

   කොහොම වුනත් අද වෙද්දී Google එකට අවුරුදු 20 ක් සම්පුර්ණ වෙලා. මේ වෙනුවෙන් Google Doodle එකකුත් ඉදිරිපත් කරලා මේ වීඩියෝවේ ඔවුන් ඇතුලත් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 20 තුලදී Google එකෙන් වැඩියෙන්ම Search කරලා තියෙන්නේ මොනවද කියලයි. පහලින් ඔයාටත් ඒ වීඩියෝව බලන්න පුළුවන්.