අක්ෂේගේ අලුත්ම චිත්‍රපටය ළඟදීම තිරගත වෙයි

2020-03-02


   මාර්තු මස 24 වෙනිදා තිරගත වීමට නියමිත Sooryavanshi චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ජනගත කිරිම පසුගියදා සිදුවුනා. එම අවස්ථාවට චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන අක්ෂේ සහ කත්‍රිනා සමඟින් අජේ දේව්ගන් සහ රන්වීර් සින්ග් ද සහභාගී වී තිබුණා. එහිදී අජේ දේව්ගන් සහ අක්ෂේ තමන්ගේ රසිකයින්ගෙන් ඉල්ලා සිටියේ සමාජ ජාල තුල එකිනෙකා සමඟින් රණ්ඩු නොවී එකට එක්ව චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට සහය දක්වන ලෙසයි. රෝහිත් ශෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය කරන් ජෝහාර්ගේ Dharma Production ආයතනය සිදුකොට තිබෙනවා.