එක්දින තරඟාවලිය ජයගත් ශ්‍රී ලංකාව කොදෙව්වන් සමඟ විස්සයි විස්ස තරඟ බිමේ

2020-03-03


   සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති අවසන් එක්දින තරගයෙන් ලකුණු  06ක තියුණු ජයක් අත්කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.එම ජයග්‍රහණයත් සමග තරගාවලිය 03ට -0ක් ලෙස ජයගත්  ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුනේ වසර පහළොවක සිට මෙරදී තම කණ්ඩායම පරාජයට පත්කිරීම කොදෙව්වන්ට  යලිත් සිහිනයක් බවට පත් කරමින්.  
                                 

   ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී පැවති තරගයේ මුලින්  පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී  සියලුදෙනා දැවී ලකුණු 307ක් ලබා ගත්තා .වේගවත් ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් එකතු කළා.තුන්වන කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස හා කුසල් ජනිත් එක්කල සම්බන්ධතාවය ලකුණු 89ක්.කුසල් මෙන්ඩිස් ලකුණු 55ක්,ධනජය ද සිල්වා ලකුණු 51ක් ලබාගත්තා . දිමුත් කරුණාරත්න හා කුසල් ජනිත් ලකුණු 44 බැගින් ලබා ගැනීමට සමත් වුනා.

   පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන් අවසන් පන්දුවාරය තෙක්ම තම සටන දියත් කලද සිය පරිනත භාවය මැනවින් ඔප්පු කල ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ තීරණාත්මක පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට ජයගෙන එන්නට සමත් වුනේ තරගයේ වීරයා  සම්මානයද  දිනා ගනිමින්.
 කොදෙව් ඉනිමේ ශයි  හෝප්ස්  ලකුණු 72ක් ලබාගත්තා .ඇන්ජලෝ මැතිව්ස්  කඩුලු  04යි.තරගාවලියේ වීරයා වනිදු හසරංග.

   දෙරට අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය එළබෙන 04 වෙනිදා මහනුවර පල්ලෙකැලේ  දී පැවැත්වීමට නියමිතයි.