Fire Coral නම් වූ මාරාන්තික දිලීරයක් පැතිරෙයි

2019-10-07


    මෙම දිලීර වර්ගය ආහාරයට ගැනීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රීය වීම වගේම මොළයට හානි සිදුවීම දකින්න පුළුවන්. ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ පරික්ෂයින්ට අනුව මෙම දිලීර වර්ගය ස්පර්ශ කිරිමෙන් පමණක් ශරීරය ඉදිමීම , දැවිල්ල මෙන්ම තවත් චර්ම රෝග ඇතිවීම සිදුවෙනවා. දැනට හඳුනාගෙන තියෙන සියගණනක් විෂ හතු වර්ග අතරින් සම තුලින් විෂ ශරීර ගතවෙන එකම හතු වර්ගය මෙය බවටත් සැලකෙනවා. චීනය , තායිලන්තය , පැපුවා නිව්ගීනියාව වගේ රටවලත් මෙම දිලිරය දුටු බවට වාර්තා හමුවී තිබෙන අතර වසර දහස් ගණනකට පෙර සුළඟින් මෙම දිලිරී බීජ ව්‍යාප්ත වන්නට ඇති විශ්වාස කරනවා. කෑන්ස් නගරයේ පිහිටි වැසි වනාන්තරයක තිබී චායාරූප ගත කෙරුන මෙම දිලීරය නිසා පරික්ෂයන්ගේ අවධානය මෙම දීලිරයේ ව්‍යාප්තිය කෙරෙහි යොමුව තිබෙනවා. වැරදීමකින් වෙනත් හතු විශේෂයක් සේ සලකා මෙම Fire Coral හතු වලින් පානයක් සාදා බීමෙන් මරණයට පත් වූ මිනිසුන් ගැන ජපානයෙන් සහ කොරියාවෙන් වාර්තා වී තිබීම මේ හතු වර්ගයේ භයානක බව ලොවට කියාපාන්නක් වී තිබෙනවා.