i phone 11 Pro නිසා මිනිස්සුන්ට බය වැඩිවෙයි

2019-10-07


   පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා එළිදැක්වුණ iphone 11 pro දුරකතනයට එක්ව ඇති නවතම විශේෂාංග අතරේ වඩාත් කතා බහට ලක්වුනේ එහි පිටුපස සවි කර ඇති අධි බලැති කාචවලින් සමන්විත ඉතා පුළුල් කැමරා තුන ගැනයි. මේ නවතම විශේෂාංගය ගැන බොහෝ දෙනෙක් පැහැදීමකින් කතා කලත් මේ විශේෂාංගය හරහා Tripophobia තත්වය ඇති පුද්ගලයින් මානසිකව අපහසුතාවයට පත්වෙන බවට පැමිණිලි රාශියක් එල්ල වී තිබෙන බව කියවෙනවා.

   මොකද්ද මේ ට්‍රයිපොෆොබියා කියන්නේ?

   Tripophobia කියන්නේ කුඩා සිදුරු දැකීමට ඇති බියයි. මෙම tripophobia ගැන මුලික විද්‍යාත්මක පරීක්ෂණ වලට සහභාගී වුන දෘෂ්ටිය පිලිබඳ විශේෂඥයෙකු වෙන ආචාර්ය ජෝෆ් කෝල් මහතා සඳහන් කරන විදියට මේ තත්වය අපි සෑම කෙනෙක් තුලම පවතිනවා. නමුත් මේ තත්වයට එක එක පුද්ගලයින් ප්‍රතිචාර දක්වන විදිය වෙනස් විය හැකියි. ඇතැම් පුද්ගලයින් කුඩා සිදුරු දැකීමෙන් වමනය දමන අතර ඇතැම් පුද්ගලයින්ට දින ගනනාවක් යන තෙක් තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීමේ අපහසුතාවයන්ටද පත්වෙනු දැකිය හැකියි.