පකිස්තාන ටෙස්ට් තරඟය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයින්ට අවදානමක්

2019-10-22


   2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඔබට මතක ඇති . එතැන් පටන් කිසිඳු කණ්ඩායමක් පකිස්තානයේ ටේස්ට තරඟ සංචාරයකට එක්ව නැහැ.

   එහෙත් පසුගියදාක සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියක් සඳහා ළහිරු තිරිමාන්න සහ දසුන් ශානකගේ නායකත්වයෙන් නවක ක්‍රීඩක කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක නිරතවුනා. එම සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබා දීමට පකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලි ජයක්ද වාර්තා කිරීමට සමත්වුනා. මෙහිදී මෙම තරඟය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කල නිරෝෂන් දික්වැල්ලට සහ තිසර පෙරේරාට කැරිබියන් ප්‍රිමියර් ලිග් තරඟාවලිය සඳහා සහභාගී වීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කර තිබුනා.

   මීළඟට පකිස්තානු කණ්ඩායමත් සමඟ එරට පවත්වන්නට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රිකට්‌ තරඟ දෙකෙහි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වෙන බැවින් මේ තරඟ සඳහා සහභාගී වෙන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් ක්‍රීඩකයින්ට දන්වා තිබෙනවා. ඉතින් මෙම තරඟ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයින්ට ද ලීග් තරඟ සඳහා සහභාගී වීමට අවස්තාව නොලැබීමේ අවධානමක් පැවතිය හැකි  බවයි Rhythm World Gossip කණ්ඩායමට දැනගන්න ලැබුනේ.