වැඩිහිටි බාල පිළිවෙල අනුව සහෝදර සහෝදරියන්ගේ ඇතිවෙන වෙනස් ගතිගුණ

2020-01-27


   20 වෙනි සියවසේ මුල් භාගේ විසූ භෞතික වෛද්‍යවරයෙක් මෙන්ම මනෝ චිකිත්සකයෙකු වූ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් සිදුකරන ලද අධ්‍යයනයක් හරහා මේ සම්බන්ධව වැදගත් සංකල්ප රැසක් ඉදිරිපත් කර තිබෙනවා . ඔහු පවසන විදියට දරුවන්ගේ වැඩිහිටි පිළිවෙල ඔවුන්ගේ පෞර්ෂය කෙරෙහි විශාල වශයෙන් බලපානු ලබනවා. දෙමව්පියන් විසින් දරුවන්ව සංසන්දය කීරීම සහ එක් එක දරුවාට වෙනස් ලෙස සැලකීම යන කාරනා මත ඔවුන්ගේ ගති ස්වභාවයන් වෙනස් වෙන බව ඔහුගේ අදහසයි.

   ඔහුගේ අධ්‍යයනයට අනුව , පවුලේ වැඩිමහල් දරුවන් හැමවිටම අන් අය සතුටු කරන්නට උත්සහ දරන බවත් , වගකීම් සහගත විශ්වාසය තැබිය හැකි , සුපරික්ෂාකාරී පුද්ගලයින් ලෙස වැඩෙන බව කියැවේ.

   එමෙන්ම පවුලේ සහෝදර සහෝදරයින් අතර මද්දුමයා පවුලේ අතරමැදියෙකු වශයෙන් කටයුතු කරන්නට පෙලබෙන අතර පවුලේ ලොක්කා තනතුර දැනටමත් තම වැඩිමහල් සොහොයුරා හෝ සොයුරිය ලබා ගෙන ඇති බැවින් එයට අනුගතව ඒ යටතේ තමන්ගේ පෞර්ෂය ගොඩ නගා ගන්නා බව පැවසෙයි.

    ඒ වගේම පවුලක බාල දරුවා බොහෝ විට තමා ගැන සිතන , යමක් තම වාසියට හරවා ගනු ලබන , සෙල්ලමට බර , විනෝදකාමී , සිත් ඇදගන්නා හැසිරීමක් ඇති පුද්ගලයෙකු ලෙස වැඩෙන බවත් ඔවුන් අවධානය දිනා ගැනීමට හා ස්වාධිනත්වය පවත්වා ගැනීමට අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා හැමවිටම වෙනස් වීමට උත්සහ දරන බවක් පෙන්නුම් කෙරෙන බව ඇල්ෆ්‍රඩ් ගේ අදහස වෙනවා.

   පවුලේ තනි දරුවන් ගොඩක් දුරට තමන් ගැන පමණක් හිතන ස්වාධීන වගේම පිළිගැනීම හා මුහුකුරා යාම ගැන වැඩි අවධානයක් යොදවන පුද්ගලයින් ලෙස ඔහු විශ්වාස කරන අතර ඔවුන්ට වැඩිමහල් හෝ බාල සහෝදර සහෝදරියන් නැති නිසා බොහෝ විට මිශ්‍ර ගති ස්වභාවයන් දැකිය හැකි වෙයි.

   බොහෝ දුරට ඉහත සඳහන් ගති ස්වභාවයන් ඇති වන්නේ දෙමව්පියන්ගේ අවධානය හා ආදරය දිනාගැනීමට කෙරෙන සටන හරහා බවයි ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් ගේ අදහස වෙන්නේ.

   ඔහු තව දුරටත් සඳහන් කරන විදියට පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සහ ඒ ඒ දරුවන් අතර ඇති වයස් පරතරය නිසා ඉහත සඳහන් ගති ස්වාභායන් වෙනස් විය හැකියි.

 

   තොරතුරු අන්තර්ජාලයෙනි